April 3, 2026

සභාපතිතුමාගේ පණිවිඩය

සභාපති - බ්‍රිහාන් ආබ්ඩීන්
අංක 453/1987 මැයි 12 වන දින අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සංස්ථාපනය කරන ලද වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරට තේරී පත් වූ මා, ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවිය සඳහා පණිවිඩයක් ලබා දෙන්නේ හදපිරි සතුටිනි. මිනිසාගේ උපතේ සිට අවසානය දක්වා වූ සෑම කර්තව්‍යකදී ම සහය දක්වන කුඩාම පාලන ඒකකය ප්‍රාදේශීය සභාවයි.

මහජන නියෝජිතයන් වශයෙන් ජනතාවට කාර්යක්ෂම, ඵලදායී සේවාවක් සැපයීම අපගේ එකම අභිප්‍රායයි. ඒ සඳහා සුවිසල් මෙහෙයක් ඉටුකරනු ලබන, මහජන උපයෝගීතා සේවා සම්බන්ධව අවශ්‍ය තොරතුරු පරිශීලනය කිරීමට මෙම වෙබ් අඩවිය මගින් ඉඩ ප්‍රස්ථාව උදා වී ඇති හෙයින් අප බල ප්‍රදේශයේ උන්නතියට වැදගත් වන යෝජනා සහ අදහස් අප වෙත යොමු කරමින් අලංකාර වත්තල පුරවරයක් ගොඩනැංවීමට ඔබට ඇරයුම් කරමි.

ආයුබෝවන්

අන්තර්ජාලීය වත්තල ප්‍රදේශීය සභාව
අන්තර්ජාල වත්තල ප්‍රාදේශීය සභාව සාඩම්බර වත්තල ප්‍රාදේශීය සභාවේ වංශ කතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන අන්තර්ජාල සේවාවට සාදරයෙන් පිළිගනිමු.
වඩාත් ඵලදායී හා කාර්යක්ෂම රාජ් ය සේවයක් ඔබ වෙත ඉදිරිපත් කිරීම අපගේ අභිප්‍රායයි.
මෙම සේවාව මගින් තක්සේරු බදු, සාප්පු කුලී, ව්‍යාපාර බදු සහ වෙළඳ බලපත්‍ර ගාස්තු ගෙවීම, ගලි බවුසර යන්ත්‍රය ගැනීම සහ බෝල් රූම්, ක් රීඩා පිටිය සහ ආදාහනාගාරයේ වෙන් කිරීම් සඳහා ගෙවීම් මෙන්ම සියලුම අයදුම්පත් අන්තර්ජාලය හරහා බාගත කිරීම සඳහා පහසුකම් සපයයි.

අපගේ සංවිධානයෙන් ඔබට අවශ්‍ය විය හැකි තොරතුරු මෙන්ම අපගේ සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා ක්ෂණික ප්‍රවේශයද ඔබට ලබා දෙයි. වීදි ලාම්පු, ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම, පාරිසරික ගැටළු, අනතුරුදායක ගස් සහ වෙනත් ඕනෑම දෙයක් පිළිබඳව පැමිණිලි කිරීමට ද අවස්ථාව තිබේ.

ලෝකයේ ඕනෑම තැනක සිට විශ්වසනීයව හා කාර්යක්ෂමව මෙම සේවාව වෙත ප්‍රවේශය වීමට ත්, ඕනෑම බැංකු ගෙවීම් කාඩ්පතක් භාවිතා කිරීමටත්, සමස්තයෙන් 75% කට වඩා උසස් සේවාවක් ලබා දීමට හැකිවීම ගැනත් අපි සතුටු වෙමු.

ලේකම්තුමාගේ පණිවිඩය

262f3f5d-9091-48e6-855e-8d19c7b4d42c
එම්. එම්. සංජය මාලක බණ්ඩාර (ලේකම්)
අද වනවිට කාර්යබහුල ලෝකයේ නව සන්ධිස්ථානයක් පසු කරමින් සිටින වත්තල ප්‍රාදේශීය සභාවේ වෙබ් අඩවිය හරහා වත්තල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ලෙස මා ඔබ අමතනු ලබන්නේ ඉතා සතුටිනි.

ඔබේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන්හිදී ඔබ සමඟ අත්වැල් බැඳගන්නා ඔබේම සංවිධානයක් වන වත්තල ප්‍රාදේශීය සභාව නව තාක්ෂණය සමඟ ලෝකය ඉදිරියට යන මේ මොහොතේ නව අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට අප සමග එක්වන ලෙස ඔබ සැමට සුහදව ආරාධනා කරයි.

You may have missed