September 18, 2024

කාර්යයන්

  1. ප්‍රාදේශීය සභා පනත අනුව පැවරී ඇති ලිබිත නීතිවල විධිවිධානයන් ක්‍රියාත්මක කිරීම.

2. වෙනත් ලිබිත නීති යටතේ ඇති විධිවිධානයන් ක්‍රියාත්මක කිරීම.

3. බෝවන රෝග හා වසංගත ඇතිවීම වැළක්වීම.

4. සෞඛ්‍ය අධ්‍යාපන සහ මාතෘ හා ළමා සෞඛ්‍ය වර්ධනය කරලීම හා ආරක්ෂා කිරීම.

5. අන්තරාදායක හා අප්‍රසන්න වෙළද ව්‍යාපාර විධිමත් කිරීම.

6. විකිණීමට තබා ඇති ආහාර ද්‍රව්‍ය පිළිබද තත්ව පාලනය ඇතිකිරීම.

7. මහා මාර්ග කණු පදික වේදිකා බෝක්කු දිය අගල් ආදිය ඉදිකිරිම හා නඩත්තු කිරීම.

8. ගොඩනැගිලි හා ස්ථිර ඉදිකිරීම් විධිමත් කිරීම හා පාලනය කිරීම.

9. පොදු වෙළදපලවල් පිහිටුවා පවත්වාගෙන යාම.

10. වීදී ආලෝක සැකසීම.

11. සුසන භූමි හා අදහනාගාර පවත්වාගෙන යාම.

12. උද්‍යාන හා එළිමහන් ස්ථාන පවත්වාගෙන යාම.

13. පුස්තකාල සේවා පවත්වාගෙන යාම.

14. ළදරු පාසැල් හා දිවා සුරැකුම් මද්‍යස්ථාන පවත්වාගෙන යාම.

15. ක්‍රීඩාපිටි ඇතිකිරීම හා පවත්වාගෙන යාම.

16. විවිධ කාර්යයන් සදහා අවශ්‍ය අතුරු ව්‍යවස්ථා පැනවීම.

17. පාරිසරික පවිත්‍රතාව ආරක්ෂා කිරීම හා පවත්වාගෙන යාම.

18. මහජන සුඛ විහරණය සදහා ප්‍රාදේශීය සභා පනතේ ඉඩදී ඇති සීමාව තුල අවශ්‍ය කටයුතු සැලසීම.

19. ජාතික සංවර්ධනයේදී මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය සහය පළාත් සභාව මගින් සැපයීම.

20. ප්‍රදේශයේ ජනතාව ගෙවන බදු මුදලේ ප්‍රතිලාභ හැකි උපරිම අයුරින් ආපසු ඔවුන් වෙත ලබාදීම යනාදිය.

You may have missed