September 18, 2024

සේවාවන්

මෙම සේවාවන් ලබාගැනීමේදී පහත දැක්වෙන පරිදි එයට අවශ්‍ය සියලු අවශ්‍යතා සපුරා ඇත්නම් මතු දැක්වෙන කාල තුලදී අදාළ සේවාව කාර්‍යක්ෂමව ඉටුකර දිය හැකිය

උප කාර්යාලයෙන් මිල දී ගත් පළවෙනි පිටුවේ උඩ කොටස පමණක් සම්පූර්ණ කරන ලද වීථිරේඛා අයදුම්පත සමඟ සභාපති හෝ ලේකම් විසින් අනුමත කරන ලද පිඹුරුපතෙහි ඡායා පිටපතක් ඉදිරිපත් කර ලියාපදිංචි ගාස්තු ගෙවිම. අයදුම්කරු හිමිකරු නොවන අවස්ථාවලදී හිමිකරුගේ මනාපය ප්‍රකාශ කළ ලිපියක් සමඟ හිමිකරුගේ ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් (අනන්‍යතාව සහතික කළ හැකි වලංගු රියදුරු බලපත්‍රය / වලංගු විදේශ ගමන් බලපත්‍රය ආදි වශයෙන්) ඉදිරිපත් කිරිම.හිමිකරුගේ අයිතිය ප්‍රකාශවන සියළුම දේපලවල හිඟ වරිපනම් බදු ගෙවා තිබීම.
භාරදිය යුතු දිනය : සතියේ ඕනෑම කාර්යාල දිනයක පෙ.ව.9.00-ප.ව.3.00 දක්වා
වගකීම:කාර්යභාර නිළධාරි තාක්ෂණ නිළධාරී විෂය භාර කළමණාකරන සේවා නිළධාරි ආදායම් පරීක්ෂක / ආදායම් පරිපාලක
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : උපරිමය දින 02කි.
අනතුරුදායක ගස පිළිබඳ විස්තර ඇතුලත් ලිපියක් ලේකම් වෙත හෝ සභාපති වෙත එවීම හෝ ගෙනැවිත් භාරදීම (හැකි නම් ගස පිහිටි ස්ථානයේ ඡායාරූපයක් සමඟ)
භාරදිය යුතු දිනය : සතියේ ඕනෑම කාර්යාල දිනයක
වගකීම:කාර්යභාර නිලධාරි තාක්ෂණ නිලධාරි විෂය භාර කළමණාකරන සේවා නිලධාරි
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : උපරිමය දින 07කි.
බල ප්‍රදේශයේ මන්ත්‍රීතුමා මඟින් හෝ ඍජුවම හෝ ආයතනයට ලිපියක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම
භාරදිය යුතු දිනය : සතියේ ඕනෑම කාර්යාල දිනයක
වගකීම: කාර්යභාර නිලධාරි තාක්ෂණ නිලධාරි විෂය භාර කළමනාකරණ සේවා නිලධාරී
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : මාස 03 පමණ.
උප කාර්යාලයෙන් මිල දී ගත් ගොඩනැගිලි අයදුම්පත්‍රය ගොඩනැගිලි සැලසුම් පිටපත් 03කින් යුක්තව ඉදිරිපත් කිරීම හා ලියාපදිංචි ගාස්තු ගෙවීම.(සැලසුම් පිටපත් අලවා නොතිබිය යුතුය) සැලසුම සුදුසුකම්ලත් තැනැත්තෙකු විසින් පිළියෙළ කොට අත්සන් කර තිබීම සැලසුමේ අයිතිකරු විසින් අත්සන් කර තිබීම අනුමත කරන ලද පිඹුරු සැලසුමේ පිටපතක් ඉදිරිපත් කර තිබීම ඉඩමට අදාළ ඔප්පුවේ සත්‍ය පිටපතක් ඉදිරිපත් කිරිම වරිපනම් තක්සේරු දැන්වීම් පිටපතක් හා සියළුම හිඟ වරිපනම් බදු ගෙවා තිබීම අයදුම්කරු අයිතිකරු නොවේ නම් අයිතිකරු විසින් ඉදිකිරීමට මනාපය පැවරූ නොතාරීස් කෙනෙකුගෙන් හෝ නීතීඥයකු මගින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබීම ගොඩනැගිල්ල ඉදි කරනු ලබන භූමියට පහසුවෙන් ප්‍රවේශ වීමට හැකිවන පරිදි මාර්ග සටහනකින් ඉදිරිපත් කර තිබීම. ගොඩනැගිල්ලේ කාමරවල සහ වෙනත් කොටස්වල දිග, පළල ඉලක්කමෙන් දක්වා තිබීම බිත්ති, ගෙබිම,තට්ටු හා වහලයේ ව්‍යුහය සඳහා භාවිත කිරීමට අදහස් කරන ද්‍රව්‍ය වර්ග දක්වා තිබීම වැසිකිලි වල ඉදි කිරීම ආසන්නයේ පවතින ළිංවලට අඩි 50ක් දුරින් සිදු කර තිබීම වර්ග අඩි 3000 ඉක්මවන පොදු ගොඩනැගිලි සඳහා ගිනි ආරක්ෂණ සහතිකය ලබා තිබීම වර්ග අඩි 3226 ඉක්මවන ගොඩනැගිලි සඳහා වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ සහතිකය ලබා තිබීම යෝජිත ගොඩනැගිල්ලේ අන්ධ බ්ත්ති සැලසුම් කර ඇත්නම් ඒ සඳහා යාබඳ ඉඩමට හානියක් නොවන ආකාරයෙන් සිදු කරන බවට වරලත් ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ඉදිරිපත් කර තිබීම සියළුම සැලසුම්වල අළුතින් කරනු ලබන ගොඩනැගිලි වැඩ සහ එවකට පවත්නා යම් ගොඩනැගිල්ලක් සියළු කොටස් සහ තබා ගැනීමට හෝ ඉවත් කිරිමට අපේක්ෂා කරනු ලබන සියළු කොටස් යෝජිත වර්ණ මඟින් හෝ සංකේත මඟින් පැහැදිලිව පෙන්නුම් කර තිබීම යෝජිත භාවිතය , කර්මාන්තයක් වේ නම් - නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුම් නිරාකරණය මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශය කම්කරු බලපත්‍රය වර්ග අඩි 5000 ඉක්මවන සියළු ගොඩනැගිලි සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුම් නිරාකරණය ලබා ගෙන ඉදිරිපත් කළ යුතුය.
භාරදිය යුතු දිනය : සතියේ ඕනෑම කාර්යාල දිනයක පෙ.ව 9.00-ප.ව.3.00 දක්වා
වගකීම: කාර්යභාර නිලධාරි තාක්ෂණ නිලධාරි විෂය භාර කළමණාකරන සේවා නිලධාරි
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : උපරිමය දින 14කි.
අනුකූලතා සහතිකය අවශ්‍ය බවට ඉල්ලීම් ලිපියක් සමඟ අනුමත කළ නිවාස සැලසුමෙහි මුල් පිටපත ඉදිරිපත් කිරීම. (නිවස ඉදිකිරීමේ වැඩ අවසන් කර තිබිය යුතු අතර මාර්ග විස්තරය හා දුරකථන අංකය සඳහන් කර තිබීය යුතුය ) ඉදිකිරීම සඳහා බලපත්‍ර ලබාගත් වර්ෂයක කාලසීමාවේ සිට ඉන් ඔබ්බට වැඩ අවසන් වූ වසර තෙක් කාලය දීර්ඝ කිරීම හැකි සෑම විටම ඉදිකිරීමට බලපත්‍රය ලබාගත් අයදුම්කරු විසින්ම අනුකුලතා සහතිකය ඉල්ලුම් කිරීම ඉදිකිරීමට අදාළ තාවකාලික තක්සේරුව ආදායම් පරීක්ෂක මඟින් ලබා ගැනීම තාවකාලික තක්සේරුවට අනුව ගෙවීම් කළ පසු අනුකුලතා සහතිකය නිකුත් කිරීම
භාරදිය යුතු දිනය : සතියේ ඕනෑම කාර්යාල දිනයක පෙ.ව 9.00-ප.ව.3.00 දක්වා
වගකීම: කාර්යභාර නිලධාරි තාක්ෂණ නිලධාරි මහජන සෞඛ්‍ය පරීක්‌ෂක විෂය භාර කළමණාකරන සේවා නිලධාරි ආදායම් පරීක්ෂක / ආදායම් පරිපාලක
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : උපරිමය දින 05කි
උප කාර්යාලයෙන් මිළ දි ගත් අයදුම්පත සුදුසුකම්ලත් මිනින්දෝරුවෙකු විසින් නිවැරදිව සම්පූර්ණ කර තිබීම හා ලියාපදිංචි ගාස්තු ගෙවීම අනුමත කළ යුතු පිඹුරුපතෙහි මුල් පිටපත හා ඡායා පිටපත් 02ක් සමඟ වරිපනම් තක්සේරු දැන්වීම අමුණා තිබීම අනුමත කළ යුතු පිඹුරුපතට අදාළ පෙර පිඹුරුපත් හා විමර්ශන පිඹුරුපත්වල පිටපත් අමුණා තිබීම (නැතහොත් විමර්ශන පිඹුරුපත් හා පෙර පිඹුරුපත් නොමැති බවට මිනින්දෝරු විසින් සටහනක් යොදා තිබිය යුතුය.) අදාළ ඉඩමේ ඔප්පුවේ සත්‍ය පිටපතක් සමඟ මාර්ග විස්තරය හා දුරකථන අංකය සඳහන් කර තිබීම අයදුම්කරු හිමිකරු නොවන අවස්ථාවලදී හිමිකරුගේ මනාපය ප්‍රකාශ කළ ලිපියක් සමඟ හිමිකරුගේ ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් (අනන්‍යතාව සහතික කළ හැකි වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය ආදි වශයෙන්) ඉදිරිපත් කිරිම. අනුමත කළ යුතු මිනින්දෝරු සැලැස්ම, කට්ටි කරන ලද පිඹුරුපත් සැලැස්මක කොටසක් නම් මුල් සැලැස්ම දේපල අයිතිකරු හෝ වෙන්දේසි කරන ලද ආයතනය විසින් අනුමත කරවා ගෙන තිබීම (1987 වර්ෂයට පසු කරන ලද කට්ටි සැලසුම් )
භාරදිය යුතු දිනය : සතියේ ඕනෑම කාර්යාල දිනයක පෙ.ව 9.00-ප.ව.3.00 දක්වා
වගකීම:කාර්යභාර නිලධාරි තාක්ෂණ නිලධාරි විෂය භාර කළමණාකරන සේවා නිලධාරි ආදායම් පරීක්ෂක / ආදායම් පරිපාලක
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය :උපරිමය දින 14කි
උප කාර්යාලයෙන් ලබාගත් අයදුම්පත සම්පූර්ණ කර ආදාහනාගාරය වෙන් කිරිම සඳහා මුදල් ගෙවීම මරණ පරීක්ෂක විසින් ආදාහනයට සුදුසු බවට නිර්දේශ කළ මරණ සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම
භාරදිය යුතු දිනය :සෙනසුරාදා දිනයද ඇතුළත්ව සතියේ ඕනෑම කාර්යාල දිනයක
වගකීම: කාර්ය භාර නිළධාරී විෂය භාර කළමණාකරන සේවා නිළධාරි
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : උපරිම විනාඩි 15කි
ප්‍රාදේශීය සභා උප කාර්යාලවල තබා ඇති පොතෙහි විදුලිය බිදවැටීම් සම්බන්ධව සටහන් කළ හැකිය. දුරකතනයෙන් හෝ තැපැල් මගින් දැනුම් දිය හැකිය හානි කරන හා දිවා කාලයේ දල්වා ඇති වීදි පහන් අලුත්වැඩියා කරනු නොලැබේ . වීදි පහන් දල්වීමෙන් පසු ඒවා ආරක්ෂා කිරීම හා දිවා කාලයේ ඒවා නිවා දැමීම ඔබගේ යුතුකමයි.
භාරදිය යුතු දිනය :සතියේ ඕනෑම කාර්යාල දිනයක
වගකීම: කාර්ය භාර නිලධාරී විෂය භාර කළමණාකරන සේවා නිලධාරි තාක්ෂණ නිළධාරි
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය :දින 07 සිට 14 දක්වා
උප කාර්යාලයෙන් මිළ දි ගත් ඔප්පු සාරාංශ පෝරමය නොතාරිස්වරයෙකු හෝ නීතීඥවර‍යෙකු විසින් සම්පූර්ණ කර තිබීම (සම්පූර්ණ කරන ලද ඔප්පු සාරාංශ පෝරමයේ සඳහන් කරුණු කපා හැර වෙනස් කිරීමක් කර ඇත්නම් එම ස්ථානයේ නොතාරිස්වරයා හෝ නීතීඥවරයා විසින් අත්සන් කර නිළ මුද්‍රාව තබා තිබීම) නොතාරිස්වරයා හෝ නීතීඥවරයා විසින් අත්සන් කර නිළ මුද්‍රාව තබන ලද පෙළපත් සටහන අමුණා තිබීම ලියාපදිංචි කරන ලද ඔප්පුවේ පිටපතක් අමුණා තිබීම අදාළ ඉඩ‍මේ පිඹුරුපතෙහි පිටපතක් අමුණා තිබීම 2013.03.01 දිනට පසුව ලියාපදිංචි කරන ලද ඔප්පුවක් නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මුද්‍රාව තබා තිබීම හෝ මුද්දර ගාස්තු ගෙවන ලද බැංකු කුවිතාන්සියේ ඡායා පිටපතක් අමුණා තිබීම සියළුම හිඟ වරිපනම් බදු ගෙවා තිබීම හා වරිපනම් තක්සේරු දැන්වීමක් අමුණා තිබීම
භාරදිය යුතු දිනය : සතියේ ඕනෑම කාර්යාල දිනයක පෙ.ව 9.00-ප.ව.3.00 දක්වා
වගකීම:කාර්යභාර නිලධාරි විෂය භාර කළමණාකරන සේවා නිලධාරි ආදායම් පරීක්ෂක / ආදායම් පරිපාලක
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : උපරිම දින 02කි
භූමිදානය කිරීම සඳහා ඉල්ලීම් ලිපිය සමඟ මරණ සහතිකයේ පිටපතක්ද ග්‍රාම නිළධාරි සහතිකයක්ද ඉදිරිපත් කිරීම
භාරදිය යුතු දිනය :සෙනසුරාදා දිනයද ඇතුළත්ව සතියේ ඕනෑම කාර්යාල දිනයක
වගකීම: කාර්ය භාර නිළධාරී විෂය භාර කළමණාකරන සේවා නිලධාරි
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : උපරිම විනාඩි 15කි
පසුගිය වර්ෂය සදහා බලපත්‍ර ලබාගැනීමේදී මුදල් ගෙවූ බවට නිකුත් කළ කුවිතාන්සිය බලපත්‍රය ලබාගනුයේ පළමුවරට නම් පාපැදිය මිලදී ගැනීමේදී ඒ සදහා නිකුත් කරන ලද රිසිට් පත්‍රය 
භාරදිය යුතු දිනය : සතියේ ඕනෑම කාර්යාල දිනයක
වගකීම: කාර්ය භාර නිලධාරී විෂය භාර කළමනාකරන සේවා නිලධාරි
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : උපරිම විනාඩි 15කි
මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් පාරිසරික නිර්දේශය ලබා ගෙන ඇති කර්මාන්ත ක්‍රියාවලියක් / නියමිත කටයුත්තක් නම් අදාල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අවම වශයෙන් දින තිහකට (30) ප්‍රථමයෙන් අයදුම්පත්‍රය ඉදිරිපත් කළ යුතුය. පරිසර ආරක්ෂණ බලපත්‍රය අළුත් කිරීම් සිදු කිරීමට ඇති කර්මාන්ත බලපත්‍රය අවලංගුවන දිනට මාස තුනකට (03) පෙර අයදුම් කළ යුතුය. ප්‍රධාන කාර්යාලයෙන් අයදුම්පත්‍රය මිළ දී ගෙන පහත දැක්වෙන ලියකියවිලිවලින් අදාළ ලියකියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුය. කර්මාන්ත ක්‍රියාවලිය / නියමිත කටයුත්ත පිහිටි ස්ථානය දක්වන මාර්ග සටහන හා දුරකථන අංකය ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය අප ආයතනයෙන් ලබා ගත් වෙළෙඳ බලපත්‍රය හෝ ඒ සඳහා මුදල් ගෙවන ලද කුවිතාන්සිය හෝ අනුමත කළ ගොඩනැගිලි සැලැස්‍මේ පිටපතක් හෝ අනුකුලතා සහතිකය ඉඩමෙහි මිනින්දෝරු සැලැස්ම (පිඹුර) ඔප්පුව හෝ බදු ගිවිසුම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් ලබා ගත් බලපත්‍රය අප ආයතනයේ සභාපතිගෙන් සහ ප්‍රාදේශිය ලේකම් යන අයගෙන් ලබා ගත් අවසරය (අදාල පරිදි)
භාරදිය යුතු දිනය : සතියේ ඕනෑම කාර්යාල දිනයක පෙ.ව 9.00-ප.ව.3.00 දක්වා
වගකීම:පරිසර නිළධාරී ප්‍රජා සංවර්ධන නිළධාරී විෂය භාර සංවර්ධන නිලධාරි මහජන සෞඛ්‍ය පරීක්ෂක
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය :උපරිම මාස 01කි
ක්‍රීඩා භූමිය වෙන් කිරීම සඳහා ඉල්ලීම් ලිපියක් මඟින් සභාපති අනුමැතිය ලබා ගෙන නියමිත ගාස්තු ගෙවීම 
භාරදිය යුතු දිනය : සතියේ ඕනෑම කාර්යාල දිනයක පෙ.ව 9.00-ප.ව.3.00 දක්වා
වගකීම: කාර්යභාර නිලධාරි විෂය භාර කළමනාකරන සේවා නිලධාරි
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : උපරිම දින 07කි
උප කාර්යාලයෙන් මිල දී ගත් අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ලියාපදිංචි ගාස්තු ගෙවා තිබීම අයදුම්කරු වත්තල ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුල ස්ථිර පදිංචිකරුවෙකු වීම. ඇපකරු වත්තල ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුල බදු ගෙවන පදිංචි කරුවෙකු වීම.
භාරදිය යුතු දිනය : සෙනසුරාදා දිනයද ඇතුළත්ව සතියේ ඕනෑම කාර්යාල දිනයක
වගකීම: කාර්ය භාර නිළධාරී පුස්තකාලයාධිපති විෂය භාර කළමණාකරණ සේවා නිලධාරි
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : උපරිම විනාඩි 15කි
උප කාර්යාලයෙන් ලබාගත් අයදුම්පත සම්පූර්ණ කර ආදායම් පරීක්ෂකගේ නිර්දේශයට යොමු කිරීම පාරිසරිකව බලපෑම් ඇතිවිය හැකි වෙළඳාම් සම්බන්ධයෙන් නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිර්දේශය සියළුම හිඟ වරිපනම් බදු ගෙවා තිබීම හා වරිපනම් තක්සේරු දැන්වීමක් අමුණා තිබීම 
භාරදිය යුතු දිනය : සතියේ ඕනෑම කාර්යාල දිනයක පෙ.ව 9.00-ප.ව.3.00 දක්වා
වගකීම:කාර්යභාර නිලධාරි විෂය භාර කළමනාකරන සේවා නිලධාරි ආදායම් පරීක්ෂක / ආදායම් පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : උපරිම දින 07කි
උප කාර්යාලයෙන් ලබාගත් අයදුම්පත සම්පූර්ණ කර ආදායම් පරීක්ෂකගේ නිර්දේශයට යොමු කිරීම සියළුම හිඟ වරිපනම් බදු ගෙවා තිබීම හා වරිපනම් තක්සේරු දැන්වීමක් අමුණා තිබීම 
භාරදිය යුතු දිනය : සතියේ ඕනෑම කාර්යාල දිනයක පෙ.ව 9.00-ප.ව.3.00 දක්වා
වගකීම:කාර්යභාර නිලධාරි විෂය භාර කළමනාකරන සේවා නිලධාරි
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : උපරිම දින 07කි
උප කාර්යාලයෙන් ලබාගත් අයදුම්පත සම්පූර්ණ කර නියමිත ගාස්තු ගෙවීම දැන්වීම් පුවරුව ප්‍රදර්ශනය කරනු ලබන්නේ වෙනත් හිමිකරුවෙකුගේ ඉඩමක නම් ඉඩම් හිමියාගේ මනාපය ප්‍රකාශ කළ ලිපිය අමුණා තිබීම දැන්විම් පුවරුව ප්‍රදර්ශනය කරන ස්ථානයේ පිහිටීමට සාපේක්ෂව අඳින ලද භූමි සැලැස්ම ඉදිරිපත් කිරීම ප්‍රදර්ශන පුවරුවේ රූප සටහනක් ඉදිරිපත් කිරීම
භාරදිය යුතු දිනය : සතියේ ඕනෑම කාර්යාල දිනයක පෙ.ව 9.00-ප.ව.3.00 දක්වා
වගකීම: කාර්යභාර නිලධාරි විෂය භාර කළමනාකරන සේවා නිලධාරි ආදායම් පරීක්ෂක / ආදායම් පරිපාලක
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : උපරිම විනාඩි 30කි
ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය විසින් ලබා දෙන පෝරමයට අනුකූලව ගාස්තු ගෙවීම සියළුම හිඟ වරිපනම් බදු ගෙවා තිබීම හා වරිපනම් තක්සේරු දැන්වීමක් අමුණා තිබීම
භාරදිය යුතු දිනය : සතියේ ඕනෑම කාර්යාල දිනයක පෙ.ව 9.00-ප.ව.3.00 දක්වා
වගකීම: කාර්යභාර නිලධාරි තාක්ෂණ නිලධාරි විෂය භාර කළමනාකරන සේවා නිලධාරි
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : උපරිම විනාඩි 15කි
අපද්‍රව්‍ය වල පවතින ස්ථානයට ළඟා විය හැකි මාර්ගයේ දළ සටහනක් සහිතව ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගන්නා අයදුම්පත සම්පූර්ණ කර නියමිත ගාස්තු ගෙවීම
භාරදිය යුතු දිනය : සතියේ ඕනෑම කාර්යාල දිනයක පෙ.ව 9.00-ප.ව.3.00 දක්වා
වගකීම: ප්‍රාදේශිය සභා ලේකම් විෂය භාර කළමනාකරන සේවා නිලධාරි
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : උපරිම විනාඩි 30කි
උප කාර්යාලයෙන් ලබා ගන්නා අයදුම්පත සම්පූර්ණ කර නියමිත ගාස්තු ගෙවීම (අවම වශයෙන් උත්සවය පැවැත්වීමට දින හතකට (07) පෙර උත්සව ශාලාව වෙන් කර ගැනීමට කාරුණිකවන්න)
භාරදිය යුතු දිනය : සතියේ ඕනෑම කාර්යාල දිනයක පෙ.ව 9.00-ප.ව.3.00 දක්වා
වගකීම: කාර්ය භාර නිලධාරී විෂය භාර කළමනාකරන සේවා නිලධාරි
කාර්යය ඉටුකරගැනීමට ගතවන කාලය : උපරිම විනාඩි 30කි

You may have missed