September 18, 2024

සභා සංස්ථාපනය

වත්තල ප්‍රාදේශීය සභාවේ මුල් සේයාරුවකි

වත්තල ප්‍රාදේශීය සභාවේ සංස්ථාපනය

ශ්‍රී ලංකාවේ 1987 වර්ෂයට පෙර පළාත් පාලන ආයතන පරිපාලනය කිරීම වෙනුවෙන් පැවති දිස්ත්‍රික් සංවර්ධන සභා පාලනය අවසන් කර 1987 අංක 15 දරන ප්‍රාදේශිය සභා පනත ප්‍රකාරව බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල මැතිවරණ කොට්ඨාශය සඳහා අංක 453/1987 මැයි 12 දින අති විශේෂ ගැසට් පත්‍රය මඟින් වත්තල ප්‍රාදේශිය සභාව සංස්ථාපනය විය.

1988 දී ප්‍රථම වත්තල ප්‍රාදේශිය සභා සභාපති ලෙස ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන සභාවේ වත්තල මන්ත්‍රී එච්.ජෝශප් බෙනඩික් පෙරේරා මහතාද ලේකම් ලෙස ගුණසිරි ධර්මපාල මහතාද සමාරම්භකව ප්‍රාදේශිය සභාවේ කටයුතු කළ අතර නිතරඟයෙන් පත්වූ සභිකයින් විසිඑක් දෙනෙකුගෙන් සමන්විත වීම සුවිශේෂි කරුණකි. ප්‍රාදේශිය සභා ප්‍රථම සැසිවාරය හැඳල සුළු නගර සභා රැස්වීම් ශාලාවේදී 1988.01.08 දින පැවැත්වූ අතර 1988.10.19 දින සිට වැලිසර උප කාර්යාලීය උඩුමහල් රැස්වීම් ශාලාව අළුතින් විවෘත කර ඒ සඳහා භාවිත කරන ලදි. 

ඉන් අනතුරුව වත්තල ප්‍රාදේශිය සභා සභිකයෙකු ලෙස කටයුතු කළ  සිරිකමල් ද සිල්වා මහතා ප්‍රාදේශිය සභා සභාපති ලෙස ඡන්දයකින් තේරී පත් විය.ආරම්භයේදී අප ප්‍රාදේශිය සභාව හැඳල, වැලිසර, පමුණුගම හා තලාහේන ලෙස උප කාර්යාල හතරකින් සමන්විත වූ අතර   බටහිරින් මුහුදද, උතුරින් කොළඹ මහ නගර සභාවද, දකුණින් මීගමු නගර සභාවද, නැගෙනහිරින් මීගමු කළපුව, ජා ඇල ප්‍රාදේශිය සභාව, මහර ප්‍රාදේශිය සභාව හා වත්තල මාබෝල නගර සභාවද මායිම් වී ඇත.පසු කලෙක තලාහේන උප කාර්යාලය මීගමුව නගර සභාවට අනුබද්ධ වීම නිසා වත්තල ප්‍රාදේශිය සභාව ඉතිරි උප කාර්යාල තුනට සීමා වී ඇත.  

වර්තමානයේදී ග්‍රාම සේවා කොට්ඨාශ හතලිහකින්ද ජනග්‍රහනය එක්ලක්ෂ හැට දෙදහස් තුන්සිය තිස් එකකින් ද සමන්විතවන අතර බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර 54.6කි. සභික සංඛ්‍යාව තිස් පහකි. සේවක සංඛ්‍යාව දෙසිය පනහකි.

You may have missed