November 29, 2026

පළාත් පාලන සතිය – 2026 සමාරම්භය

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්
"පුනරුදයේ පුරවරය" පළාත් පාලන සතිය - 2026 සමාරම්භය සනිටුහන් කරමින් අද පළමු දිනය - ජංගම සේවා හා ආදායම් ප්‍රවර්ධන දිනය ලෙස ආරම්භ විය.

වැලිසර නවලෝක ක්‍රිඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර හනිෆ් යුස්ෆ් මැතිතුමා හා විද්‍යා හා තාක්ෂණ ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමා ප්‍රධාන ආරාධිතයින් ලෙස සහාභාගී විය . මේම ජංගම සේවා වැඩසටහනට ගරු සභාපතිතුමන්, උපසභාපති තුමන්,වත්තල ප්‍රාදේශිය ලේකම්තුය ,ප්‍රාදේශිය සභාවේ ලේකම්තුමන් මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් ද එක්ව සිටියහ. මේම ජංගම සේවා වැඩසටහන මඟින් එක්දින මිනුම්දෝරු සැලසුම් හා ගොඩනැගිලි සැලසුම් අනුමත කරදීමේ සේවාව සේවාලාභීන්ගේ ඇගයීමට ලක්වු අතර.මේම ජංගම සේවා වැඩසටහනට රාජ්‍ය හා පුද්ගලික ආයතන පහළොවක් පමණ සම්බන්ධ විය .