වත්තල ප්‍රාදේශීය සභාව විසින් කසළ කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කිරිමේ අරමුණින් පවත්වනු ලබන දැනුවත් කිරිමේ වැඩසටහනේ පළමුවන අදියර බල ප්‍රදේශයේ සියළුම පාසල් ආවරණය වන පරිදි ආරම්භ කරන ලදී.ඒ සඳහා වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ,උප සභාපතිතුමා ,කොට්ඨාසය නියෝජනය කරනු ලබන මන්ත්‍රින් , ලේකම්තුමා හා ප්‍රජා සංවර්ධන නිලධාරි සහාභාගී විය.
පාසල් තුල කසල වෙන් කිරීමට හුරු කිරීම හා පාසල් දරුවන් මඟින් කසල වෙන් කිරිමේ පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන් දැනුවත් කිරිම තුලින් කසල කළමනාකරණය විධිමත්ව කිරිම හා පහසු කිරිම මේම වැඩසටහනේ පරමාර්ථය වේ.
