පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය හත්වන දිනය වන ක්‍රිඩා දිනය වෙනුවෙන් වත්තල ප්‍රාදේශීය සභාව නියෝජනය කරනු ලබන සියළුම මන්ත්‍රීවරුන්,කාර්ය මණ්ඩලය නියෝජනය වන පරිදි සුහද ක්‍රිකට් තරඟාවලියක් නවලෝක ක්‍රිඩාංගණයේ දී පවත්වන ලඳි .මේ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමා,සභාපතිතුමා,උප සභාපතිතුමා , මන්ත්‍රීවරුන්,ලේකම්තුමා ඇතුළු කාර්‍ය මණ්ඩලය සහභාගි විය.
2025 පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය වෙනුවෙන් වෙහෙස වි කටයුතු කල මන්ත්‍රී මණ්ඩලය හා කාර්‍ය මණ්ඩලය ඇගයීමට ලක් කිරිමේ අරමුණින් වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ සංකල්පයට අනුව රසවින්දාත්මක වැඩසටහනක් වැලිසර උප කාර්යාලයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී .මෙහිදී සුහද ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය කරන ලද කණ්ඩායම් සඳහා කුසලාන ලබා දීමද සිදු විය












